(තිළිණි ද සිල්වා)
කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, විදේශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ජනාධිපතිවරයා අදාළ උපදෙස් දී ඇති බවයි. එමෙන්ම එම සිසුන් වෙනුවෙන් සියලු ගුවන් ටිකට් පත් වියදම් ආණ්ඩුව දරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට 41 දෙනකු මියගොස් ඇති අතර වෛරසය පැතිර ගොස් රටවල් ගණන 11ක්.මේ වන විට ලෝකයේම අවධානයට යොමු වි ඇති මාරාන්තික කොරෝනා වෛරසය ප්‍රථම වරට වාර්තා වන්නේ පසුගිය දෙසැම්බර් මස චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරයෙන්.
නගරයේ කරදිය මත්ස්‍ය වෙළඳපොලක් ආශ්‍රිතව මෙම රෝගින් වාර්තා වි තිබු අතර එහි කුකුලන්, වවුලන්, හාවන් සහ සර්පයන් වැනි සතුන් ද අලෙවි කෙරෙන බව වාර්තා විය.චීන සෞඛ්‍ය බලධාරීන් සැක කරන්නේ, වවුලන්ගේ මාංශවලින් සාදන සුප් සහ සර්ප මාංශ අනුභවය මෙම වෛරසය පැතිර යාමට හේතුවක් විය හැකි බවයි.
එමෙන්ම සාමාන්‍ය වෛරසයක් බෝවන ආකාරයෙන්ම මිනිසාගෙන් මිනිසාට මෙම කොරෝනා වෛරසය බෝ වන බවට තහවුරු කර ගෙන තිබේ.කොරෝනා වෛරස වැළඳුණු චීන ජාතිකයින් ඇඳ වැටෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
කොරෝනා හේතුවෙන් දැනට චීනයේ පමණක් පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් ඇති අතර වෛරසයට ගොදුරු වි ඇති සංඛ්‍යාව 1200 කට අධිකය.මිය ගිය පිරිස අතර හුබෙයි ප්‍රාන්ත රෝහලක වෛද්‍යවරයෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කොරෝනා වෛරසය ප්‍රථම වරට වාර්තා වු චීනයේ හුබෙයි පළාතේ වූහාන් ඇතුළු නගර 18 ක් මේ වන සම්පූර්ණයෙන් වසා දමා තිබේ.


