ශ්‍රි ලංකා ජනාධිපතිවරයාගේ චීන සංචාරයෙන් පසු ලංකාවට චීන ආධාර විශාල ප්‍රමාණයක් හිමි වු බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (01) ප්‍රකාශ කළේය.එම ආදාර ණය නොවන ආධාර බවද ඔහු කීවේය.
මෙම සංචාරයේදී චීන රජය විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් බිලියන 40.6ක ආධාරත් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 4000ක ආධාරත් ලබා දීමට එකඟ වු බව පැවසු අමාත්‍ය සේනාරත්න මහතා ශ්‍රී ලංකාවට අහිමි වු ජීඑස්පී ප්ලස් සහනය ඉදිරියේදී යුරෝපයෙන් ලබා ගැනීමට කටයුතු කරන බවද පැවැසීය.
අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳව කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
වීඩියෝ - ශාන්ත රත්නායක

