චීනයෙන් දුන් ඖෂධ තොගයක් කටුනායකට


(ටී.කේ.ජී.කපිල)

චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ   අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළු ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක් වටිනා තවත් ඖෂධ සහ උපකරණ තොගයක් රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ළඟා විය.

මෙම ඖෂධ තොගය භාර ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

මෙම ඖෂධ තොගය චීන රජය මෙන්ම එරට විවිධ බෞද්ධ සමිති සංවිධාන ඇතුළු නොයෙකුත් ප්‍රජා සංවිධාන විසින් පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ප්‍රකාශ කළේය

එයට ප්‍රතිචාර දැක්වූ විවිධ රටවල් අප බලාපොරොත්තු වූවාටත් වඩා වැඩියෙන් අපට ඖෂධ ලබා දීමට ඉදිරිපත් වී තියෙනවා .

ඒ අතරින් චීනය වඩාත් කැපී පෙනෙන ආකාරයට අධාර කිරීමට ඉදිරිපත් වී තියෙනවා .