චීනයෙන් ගෙන ආ බලවේග කට්ටල දුම්රිය හෙට පරීක්ෂණ චාරිකාවක


(මහින්ද නිශ්ශංක)
චීනයෙන් ආනයනය කළ එස්-14 වර්ගයේ එන්ජින් දෙකේ බලවේග දුම්රියක්, ධාවනය අත්හදා බැලීමේ පරීක්ෂණ චාරිකාවක් සඳහා හෙට (16) මරදාන දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය කෙරේ.

මෙම පරීක්ෂණය චාරිකාවෙන් අනතුරුව මෙම බලවේග දුම්රිය ලබන සතියේ කොළඹ සිට බදුල්ල දක්වා තවත් පරීක්ෂණ චාරිකාවක යොදවා පසුව කොළඹ - බදුල්ල අතර ධාවනය කෙරෙන ‘දෙනුවර මැණීකේ’ දුම්රිය සඳහා යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම බලවේග දුම්රිය හතරක් ඉකුත් දෙසැම්බර් 30 දා චීනයේ සිට මෙරටට ආනයනය කළේය.