චීනය තුළ මෙරට තේ කර්මාන්තය ජනප්‍රිය කරවීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විිසින් සංවිධානය කළ විශේෂ ප්‍රචාරණ වැඩසටහනක් බේරුවල සිනමන් බේ හෝටලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිනිය වන ජානකී කුරුප්පු මහත්මිය පැවසුවේ චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ සංවිධායක කමිටුව විසින් කරන ලද ආරාධනයකට අනුව චීනය තුළ මෙරට තේ කර්මාන්තය පිළිබඳව ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා මෙය අවස්ථාවක් කර ගත් බවයි.
මෙහිදී ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් දේශීය සංස්කෘතික අංග එක් කරමින් නාට්‍යමය ස්වරූපයෙන් ඉදිරිලත් කළ මෙරට තේ කර්මාන්තයේ ආරම්භය හා ව්‍යාප්තිය පිළිබඳ වැඩසටහනට කාගෙත් සිත් ගත් බවක් පෙණිනි.
වැඩසටහන අවසන් වනවාත් සමගම එහි පැමිණි චීන ජාතිකයෝ රැසක් තේ කොළ මිළදී ගත්හ.
.
දිවයිනට පැමිණ සිටින චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ රූ රැජිණියන් සඳහා මෙහිදී විශේෂ තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.









