චීන හිතවතා සමුගනී


ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අවංක දේශපාලඥයෙකු වූ එස්.ඩී බණ්ඩාරනායක මහතාගේ අවසන් කටුයුතු  යක්කල චන්ද්‍රෝති විදුහල් ක්‍රීඩා භූමියේදී දහස් සංඛ්‍යාත ජනවතාවගේ සෝ සුසුම් මැද  අද සවස සිදුකෙරිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද දේහය තැන්පත් කර තිබු මඩුගස් වලව්වට ගොස් ඔහුට අවසන් ගෞරව දැක්වීය.

චීනයේ හිතවතෙකු ලෙස ප්‍රකට බණ්ඩාරනායක මහතා දේශපාලනයෙන් කිසිත් හරි හම්බ කර නොගත්තේය.

ඔහු අවංකභාවයේ ප්‍රතිරූපයකි. 

අද සවස දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර  මඩුගස් වලව්වේ සිට පාගමනින් යක්කල චන්ද්‍රජෝති විදුහල් භූමියට ගෙන ගියේය.

ගරුතර සංඝරත්නය ද , අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු ඇතුළු ප්‍රදේශවාසීහු  රැසක් එම අවස්ථාවට සහභාගී වුහ.