චීන රූ රැජිනියෝ ලංකාවේ


චීන විශ්ව රූ රැජින තරගයේ අවසන් වටයට සුදුසුකම් ලැබු රූ රැජිනියෝ 15 දෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සේද මාවතින් අද (26) දිවයිනට පැමිණියහ.

සිනමන් හෝටෙල් ඇන්ඩ් රිසෝට් හා ශ්‍රි ලංකා ගුවන් සමාගමේ ගුවන් තොටුපළ නිලධරයන් විසින් රූමතියෝ  උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.

මෙම පිරිස සමග චීන ජාතික මධ්‍යවේදී කණ්ඩායමක් ද පැමිණියහ. සිනමන් හෝටෙල් ඇන්ඩ් රිසෝට් සත්කාරකත්වය යටතේ ශ්‍රි ලංකා ගුවන් සමාගම ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රි ලංකා සමාගම මොවුන්ගේ සංචාරය සදහා පහසුකම් සපයයි.

චීන සංචාරක වෙළද පොළ මෙරට වර්ධනය කිරීමේ තවත් පියවරක් ලෙස චීන රූ රැජිනියන්ගේ සංවිධානය කර ඇත. මෙම පිරිස අද සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා මෙරට සීගිරිය, හබරණ, ඇතුළු දැකුම්කළු ස්ථාන නැරඹීමට යාමට නියමිතය.

මෙම තරගකාරියන්ට මෙරටදී රූ රැජින තරගාවලියේ තරග ඉසව් කිහිපයක් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා චීන වෙළද පොළ දැවැන්ත ප්‍රචාරයක් අත්පත් කර ගැනීමට අපේක්ෂා කරයි.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් 13 වැනි දා චීනයේ ෂැන්හයි නුවරදී පැවැත්වීමට නියමිතය.

1 2 3 4 6

 1 2a 3 4 6 7 8 9 10 11 10599664_736535099740302_7964064883635329027_n