චීන ජනාධිපති ෂී ජින්පින් තජිකිස්ථානය, මාලදිවයින, ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ අට දින සංචාරය ලබන 12 වැනිදා අරඹයි. ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ඔහු දෙදිනක්ම සාකච්ඡා කිරීමට නියමිතය. චීන නායකයා ඉන්දියාවට යන මුල් වතාව මෙයයි. ශ්‍රී ලංකාවේදී ඔහු දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමකටද අත්සන් කිරීමට නියමිතය.

