චීන කතක් බසයේදී දරුවකු බිහි කරයි
සිය තුන් හැවිරිදි දරුවා සමග චීනයේ චෙන්ග්ඩු නුවර රෝහලට යමින් සිටි 39 හැවිරිදි වෑන්ග් ලියැයින් කිසිවකුගේ උදව්වක් නැතිව බසයේ දී දරුවකු බිහි කළාය.
පළපුරුදු වින්නඹුවක ලෙස දරුවා පෙකෙනි වැලද සමග ඔසවා ගත් දරුවා දෙකකුල්වලින් උස්සා පසුපසට තට්ටු කර හුස්ම ගැනීම පහසු කළාය. ඒ සමගම දරුවා හැඩීය.
බසයට නැඟුණු අවස්ථාවේම වාගේ ඇයට විළි රුදාවේ මූලික ලක්ෂණ මතු විය.
බසයේ ආසනයේ වාඩි වී සිටියදීම දරුවා ඉපදුණු පසු මගියකු දරුවා උණුසුම් කිරීම සඳහා තුවායක් දුන්නේය.
කාන්තාවට විළිරුදාව හැදුණු බව දැනගත් රියදුරා හැකි ඉක්මණින් බසරය රෝහල කරා ගෙන යද්දී පාරේ ගිය ගිලන්රථයක් නවත්වා ඇය බාර දුන්නේය. දරුවාත් මවත් ඉතා හොද සනීපයෙන් සිටින බව වෛද්‍යවරු කීහ.
යාබද ආසනයේ වාඩිවී සිටි ඇගේ තුන් හැවිරිදි දරුවා ‘තිඹිරි ගෙයි‘ වූ සියල්ල දුටුවේය. ඒ ඒ ගැන ඔහුට තේරුමක් නොවීය.
බසයේ ආරක්ෂිත කැමරාවල මේ දරු උපත සටහන් විය.

