බ්‍රිතාතාන්‍ය ‘චැනල් ෆෝ‘ නිෂ්පාදක කැලම් මැක්රේ කිලිනෝච්චිය බලා ගමන් කළ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පැයක් පමණ අනුරාධපුර දුම්රිය ස්ථානයේ නතර කැර ඇත.
ඊට පසුව පැමිණි යාල් දේවී දුම්රිය ද විරෝධය නිසා අනුරාධපුරයේ නවතා ඇත.
භික්ෂුන් වහන්සේලා හා වැසියෝ පමණ දුම්රිය මාර්ගයේ වාඩි වී විරෝධය දක්වමින් සිටිති.
යුද සමයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකළැයි යුද හමුදාවට චෝදනා කරමින් මැක්රේ වීඩීයෝවක් නිෂ්පාදනය කළේය. ඊට විරෝධය දක්වා මැක්රේට උතුරට නොයා ආපසු යන්නැයි කියමින් උද්ඝෝෂකයෝ දුම්රිය මාර්ගයේ රැදී සිටිති.
වෙනත් විකල්ප මාර්ගයක් ඔස්සේ මැක්රේට සිට ගමනාන්තය දක්වා යාමට පහසුකම් සැළැසීමට උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේ ගුණවර්ධන මහතා ඇතුළු පොලිස් නිලධාරීහු එහි පැමිණියහ.