චැනල් 4 නිෂ්පාදක විවාදයෙන් කර අරී


යුද සමයේ ශ්‍රී ලංකාවේ ඝාතන සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය ඉදිරිපත් කළ වීඩියෝ පට පිළිබඳ ලන්ඩනයේ ප්රන්ට් ලයින් ක්ලබ්හිදී ලන්ඩන් වේලාවෙන් අද සවස 7ට පැවැත්වීමට නියමිත විවාදයෙන් එම චිත‍්‍රපටයේ නිෂ්පාදක ජෝන් ස්නෝ ඉවත්වී ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් මහාචාර්ය රජීව විජේසිංහ හා අරුන් තම්බිමුත්තු මහත්වරු ඊට එක්වෙති. මහාචාර්ය විජේසිංහ පෙරදින ලන්ඩනයට පැමිණියේය. එහි වාසය කරන ශ්‍රී ලාංකිකයන් ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයේදී හමුවූ ඔහු ඔවුන් සමග සාකච්ඡා කෙළේය.