චාල්ස්ගේ ඉල්ලා අස්වීමෙන් ඡන්දෙට බාධාවක් නෑ


(ඩයනා උදයංගනී)

සාමාජිකයකු ඉල්ලා අස්වීමෙන් මැතිවරණ කොමිසම අඩපණ වන්නේ නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට සාමාජිකයන් තිදෙනකු ප්‍රමාණවත් බව ද ඔහු සඳහන් කළේය.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව පවසා තිබුණේ සිය මුහුණු පොතෙහි සටහනක් යොදමිනි.