චන්ද්‍රිකාට හැකි නම් මහින්දට බැරි ඇයි?


‘චන්ද්‍රිකා නෝනා (බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය)පොදු අපේක්ෂිකාව ලෙස ජනාධිපතිවරණයට තරග කිරීම ගැන විරුද්ධත්වයක් නෑ .එය නීතී විරෝධි බව කියන්නෙත් නෑ.නමුත්  මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තෙවැනිවරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම විරුද්ධයි.ඊට හේතුව පැහැදිලියි.එතුමා තෙවැනි වරටත් ජයග්‍රහණය කරන නිසයි මේ විරෝධය.‘

නිවාස ඇමැති විමල් වීරවංශ මහතා අලුත් කඩේ නිවාස යෝජනා ක්‍රමයක් විවෘත කරමින් අද (08) එසේ පැවසීය.