චන්ද්‍රකා සමඟ එක්වන තැන ගැන ෆොන්සේකා කියයි


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග එකතුවන්නේදැයි එසෑණ කළ විමසුමකදී පිළිතුරු දුන් එම පක්ෂයේ  නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියනුයේ  සුරා කෑමට ලක් වු රට බේරා ගැනීමේ කාර්යයේදී  තම පක්ෂයට  ඇය සමඟ එක්ව ක්‍රියාකළ හැකි බවයි.

‘එතුමියට පක්ෂයක් නැහැ’. එතුමියගේ අනුගාම්කයන් මෙවන විට අපිත් සමග ඉන්නේ. ඇයට අවශ්‍ය තමන්ගේ පක්ෂය බේරාගන්නයි. අපිට අවශ්‍ය සුරාකෑමෙන් අගාධයට වැටි තියෙන මේ රට බේරගන්නයි. මේ හෑමදෙම කරන්න වෙලා තියෙන්නේ කාට විරුද්ධවද? අන්න එතනදි ඇය අපි සමග සහයෝගයෙන් වැඩ කරනවා.