ඝාතකයන් අල්ලන්නැයි කටුවන උද්ඝෝෂණ
කටුවන හැඳිවත්ත ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද පෙරවරුවේ කටුවන නගරයේ දී උද්ඝෝෂණයක් කෙළේය. මෙම ද්විත්ව ඝාතනය සිදුවී දින තුනක් ගතවී ඇතත් ඊට සම්බන්ධ කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති බව ද එම මැරයන් දේශපාලකයන් විසින් ආරක්ෂා කරන බව ද ඔවුහු එහි දී පැවැසූහ. ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දහසක් පමණ පිරිසක් ඊට සහභාගී වූහ.

