
(රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක තිබී ගෝන අං තට්ටු 18 ක්, ගෝන කකුල් දෙකක්, මුහුදු බෙල්ලන්ගේ කවච විශාල ප්‍රමාණයක් සහ පිඹුරු හැවක් බාරයට ගත් බව නුවරඑළිය වනජීවි කාර්යාලයේ අඩවි සහකාර අතුල යාපා මහතා පැවසීය.
වනජීවි කාර්යාලය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම කළ බවත්, සත්ව කොටස් සමග එම සංචාරක නිකේතනයේ කළමනාකරු අත්අඩංගුවට ගත් බවත් අතුල යාපා මහතා කියා සිටියේය.
සැකකරු අද(11) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව අතුල යපා මහතා පැවසීය.




