නිමන්ති රණසිංහ
තංගල්ල වීරකැටිය මැදමුලූන ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කළ නොතීසිය අවලංගු කළ කොළඹ ප්‍රධාන මහේත්‍රාත් රංග දිසානායක මහතා එය ආපසු කැදවීමට නියෝග කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් මෙම සිද්ධියේ පළමු සැකකරු වෙත ඉකුත් ජුලි මස 20 වැනිදා එලෙස නොතීසියක් නිකුත් කිරීම තුළ නෛතික වශයෙන් විශාල වරදක් සිදුව ඇති බවත්, එම නොතීසිය අභියාචනාධිකරණ නියෝගයකට පටහැනි බව පෙනී යන බවත් සදහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා තමාට හිමි බලතල අනුව එම නොතිසිය නිත්‍යානුකූලව අවලංගු කරනු ලබන බව සිය නියෝගය ඉදිරිපත් කරමින් පැවසීය.
ඒ අනුව, පළමු සැකකරුගේ නොතීසිය ආපසු කැදවූ මහෙස්ත්‍රාත්වරයා ලබන සැපැම්බර් මස 07 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට අවශ්‍ය නොවන බවද සඳහන් කරමින් එම අවංලගු කළ නොතීසිය සැකකරුවන් වෙත භාරදෙන ලෙසටද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.
ගෝඨා කැඳවීම වැරදියි - නිකුත් කළ නොතීසිය යළි කැඳවයි
Recommended Articles