ගොළුවන් පවා තම ඉදිරියේදී කතා කිරීම ප්‍රාතිහාරයක් යැයි මහර මහෙස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද (9) අධිකරණයේදී ප්‍රකාශ කළාය.
තමා ගොළු පුද්ගලයකු බවට සිය නීතීඥවරියට අසත්‍ය උපදෙස් ලබා දී අධිකරණය නොමග යැවීමට උත්සාහ කළ වෑබඩ පදිංචිකරුවකු වන විමුක්ති නදීෂාන් මහෙස්ත්‍රාත්වරිය ඇසු ප්‍රශ්නයකට අමතක වී කතා කළ අවස්ථාවේදී එලෙස ප්‍රකාශ කළාය.
කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මෙම සැකකරු රුපියල් 25,000ක මුදල් හා ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරිණි.
සැකකරුට තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල නොවැම්බර් 10 වැනි දින යළි කැදැවීමට නියම කළාය.