ගොළුමඩම සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරයි
ගොළුමඩමේ මව හා දරු දෙදෙනා මරා දැමීවේ සැකකරුගේ අනියම් සම්බන්ධයක් නිසා දැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි.
විජේමුනි මදුරංග ද සිල්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය පොලීසියට අවසර දුන්නාය.
සැකකරුගේ හා බිරියගේ ජංගම දුරකතන අංක සම්බන්ධයෙන් හා නිවසේ ස්ථාවර දුරකතන අංකය සම්බන්ධයෙන් වාර්තා කැඳවීමට පොලීසිය අධිකරණයෙන් අවසර ඉල්ලූ අතර ඒ සඳහා අවසරන් දුන් මහේස්ත්‍රාත්වරිය සැකකරු බ්‍රහස්පතින්දා (20) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය.

