ගොළු මඩමේ සැමියාට හිරකූඩුවේදී ගහලා
රත්මලාන ගොළු මඩමේ කල්දෙමුල්ල පාරේ දෙමහල් නිවෙසකදී මොරටුව වේල්ස් කුමරි විදුහලේ ගුරුවරියක සහ දරු දෙදෙනා ඝාතනයේ සැකකරු වන ගුරුවරියගේ සැමියා ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේ රඳවා සිටියදී සෙසු නඩුවල සැකකරුවෝ ඔහුට පහර දුන්හ. ඔහු ඇඟලූම් කම්හල් විධායකයෙක් විය.
පොලිසිය මැදිහත්වී ඔහු බේරා ගත්තේය.
සැකකරුවන විජයමුණි මධුරංග ද සිල්වා ජනවාරි 01 දා තෙක් රිමාන්ඞ් කරන්නැයි ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.

