ගොළු මඩමේ තුන්දෙනාම මරලා


රත්මලාන ගොළුමඩම හන්දියේ දෙමහල් නිවෙසක සිටි මව හා දරු දෙදෙනා පිළිස්සී මිය ගිය කතාව මවා පෑමක් බවත්, මව ද, එක් දරුවකු ද ගෙල සිර කිරීමෙන් ද, කුඩාම දරුවා ගින්නට හසුවීමෙන් ද  මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය වාර්තාව කියයි. මේ සම්බන්ධයෙන් සැකපිට දරුවන්ගේ පියා සහ ගෙදර මෙහෙකාරිය අත්අඩංගුවට ගනු ලැබූහ. ඇඟළුම් කම්හල විධායකයකු වූ එම පුද්ගලයා මීට සතියකට දෙකකට පමණ පෙර රැකියාවෙන් ඉවත්වී යැයි ද පොලීසිය කියයි. ඔහුගේ මවගෙන් ද ප්‍රශ්න කරගෙන යයි. ඔහු පොලීසියට කියා සිටියේ තමා යාබද කාමරයේ නිදා සිටි බවත්, පාසල් ගුරුවරියක වන බිරිය සහ දරු දෙදෙනා යාබද කාමරයේ නිදා සිටි බවත් ය. සිද්ධිය සැළ වූ විගස එහි ගිය මාධ්‍යවේදීනට ගෙදර සිටි මෙහෙකාරිය නොයෙකුත් බාධා කළ බව ද වාර්තා වේ.