ගොවිසෙත ලොතරැයිය ගැන බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රශ්න කරයි


(ඉන්දිකා රාමනායක)

දිනුම් අංක නොමැති සහ දිනුම් අදින දිනයක් සඳහන්ව නොමැති ගොවිසෙත  ලොතරැයිය වෙළෙදපොලේ ඇති බවට චෝදනා කරමින්  පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශය අද (12)  ඒ මහතාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත් බව වංචා විමර්ශන අංශය කියයි.

කොළඹ වංචා විමර්ශන අංශයේ ඒකක හයේ පොලිස්  නිලධාරීන් කණ්ඩායමක්   අද පස්වරු 3.30 ට පමණ  පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ පිහිටි නිවස වෙත ගොස්  මෙම ප‍්‍රකාශය සටහන් කරගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් ඉකුත් ජුලි මාසයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී වංචනික ටිකට්පත් බව පවසමින් ඒ මහතා මෙම ටිකට් පත් 10 මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ලොතරැයි මණ්ඩලය වංචා විමර්ශන අංශය වෙත කළ පැමිණිල්ලක් අනුව මෙම ප‍්‍රශ්න කිරීම සිදුකර තිබුණි.