ගොවිතැනෙ මහිම බල මා වී පැසීලා


ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයයේ කෘෂි විද්‍යා පීඨයේ කථීකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත ඉන්ද්‍රලාල් යාපා මහතා ඉපැරණි වී විශේෂයක් සම්බන්ධව පර්යේෂණයක් කරයි.

ඔහු මෙසේ ද කියයි. ‘මා උතුරු මැද පළාතේ වකුගඩු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීම සම්බන්ධව පර්යේෂණයක් කිරීමේදී එහි නියං සමයට ගොවීන් මුහුණදෙන ගැටලූ හා නියගයට ඔරොත්තු දෙන වී වර්ග පිළිබඳව  ද සොයා බැලූවා. එහි ගොවීන් ගෙන්ද විශාල ඉල්ලීමක් තිබුණා.

ගෙවිලියක් ලබාදුන් වී ස්වල්පයක් මා බොකරන්නට උත්සාහ කළා. ලැබුණේ ඇට විසිහතරක් එය පර්යේෂණයකට ප්‍රමාණවත් නැහැ. ඇයට එම බීජ දුන් ගොවියා පවසා ඇත්තේ එය පුරාවිද්‍යා කැණීමකින් ලැබුණ බවයි. එම බීජ ඛෙලිහුල්ඔය කහවත්ත හා කොළඹගෙආර කෑගල්ල  යන ප්‍රදේශවල පැළ කර තිඛෙනවා. අඩි 10 කට වැඩි උසකින් යුත් මා වී විශේෂයක්.

පසුගිය අගොස්තු මාසයේ සිටවු මෙම බීජ වල පැළ හටගෙන  කරල් පීදී  තිඛෙනවා. තවත් මාස එකහමාරකින් අස්වැන්න නෙළිය හැකියි. එවිට එම බීජවල පෝෂණ තත්වය ඉපැරණි බව හා ඖෂධීය ගුණය පිලිබඳව පර්යේෂණ කරනවා. කෙසේ වෙතත් මෙම බීජ ඉතා හොඳ ප්‍රරෝහණ ශක්තියක් අති දැඩි නියගයට ඔරොත්තු දෙන ශාඛයක් බව මුල් පර්යේෂණයන්ගෙන් සනාථ වනවා.‘

සබරගමුව කෘෂිවිද්‍යා පීඨයේ ගොඩනැගිල්ලක් පිටුපස සිටුවා ඇති ඉදල් ඉරිගු ගසක් තරමට වී පඳුරක් වැඩී ඇත. මෙම ගොයම් ගසට කිසිම කෘෂි රසායන පොහොරක් හෝ රසායනික පළිබෝධ නාශකයක් යොදා නොමැති බව ද ආචාර්යවරයා කියයි.