
(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජ සභා මණ්ඩපය සහිත ගොඩනැගිල්ලට කුරුණෑගල මහ නගර සභාව විසින් හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවට හිටපු අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා චෝදනා කළේය.
එම ස්ථානයට සිදුව ඇති හානිය පිළිබඳව සොයා බැලීම සඳහා අද (18) පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා මේ චෝදනාව එල්ල කළේය.
මෙවැනි පුරාවිද්‍යාත්මක අතින් වටිනා ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීම බවද, එම දෙපාර්තමේන්තුව තම වගකීමෙන් බැහැරව යාම හේතුවෙන් මෙවැනි ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථාන නිකරුණේ විනාශයට ලක් වෙමින් පවතින බවද අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
තමා සංස්කෘතික අමාත්‍යවරයාව සිටියදී සිදු කළ පරීක්ෂණයන් අනතුරුව සෙනරත් දිසානායක මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කළද, එසේ ඉවත් කළ පුද්ගලයෙකු නැවත වරක් එම තනතුරටම පත් කිරීම වත්මන් ආණ්ඩුව විසින් සිදුකළ වරදක් බවද මෙහිදී පෙන්වා දුන් කාරියවසම් මහතා ඔහුගේ අකාර්යක්ෂමතාව මෙවැනි පුරාවිද්‍යා හානි වලින් පැහැදිලි වන බවද පැවසීය.

