ගේල් එස්.එල්.පී.එල්. තරගාවලියට නෑ
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේදී (එස්.එල්.පී.එල්.) ඌව පිලේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් සහභාගි නොවේ.
එස්.එල්.පී.එල්. තරගාවලියට ක‍්‍රිස් ගේල් සහභාගි නොවන්නේ දැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් අද (8 වැනිදා) කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ගේල් ආබාධයකට ලක්ව ඇති බවත් සහභාගිත්වය පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවත්ය.

