ගෙය දුමෙන් වැසෙයි


ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකික නිවෙසක් ගිනි ගැනීමට ආසන්නව තිබියදි දරුවන් සිදු දෙනකු බේරා ගැනීමට ඉතාලි යුද හමුදාව සමත්විය. වයස අවුරුදු 4, 5, 11 හා 15 දරුවන් ගෙදර සිටියදී මවුපියන් දෙදෙනා රැකියාවට ගොස් ඇත. වතුර රත් කැර ගැනීම සඳහා දැල්වූ කුකරය දිගටම දැල්වී  ගෙය දුමාරයෙන් වැසී අසල්වැසියනට ඒ බව දැනී ආධාර ඉල්ලා ඇත. ඒ අනුව යුද හමුදාව එහි ළඟාවන විට ගින්න ගෙට ඇවිළෙමින් තුබූ බවත් දරු සිවු දෙනා බේරාගත් බවත් වාර්තාවෙයි.