ගුවනේ දුම් බී කරගත් දෙයක්


මිලාන් සිට කටාර් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට එමින් සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ගුවන් යානා වැසි කිළියේ දී සිගරැට් බී කටාර් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන, ඩිනාර් දහස බැගින් දඩ ගෙවා  දින දෙකක් ද රිමාන්ඩ් බාරයේ සිට මුදාහැර ඇතැයි වාර්තාවෙයි. ඔවුන්ගේ ගුවන් ටිකට් පත් ද අවලංගු කැර කටාර් ගුවන් සේවයේ අයාධු ලේඛනයේ ද නම ඇතුළු කැර ඇතැයි ද කටාර්යේ සිට වෙනත් ගුවන් සමාගමකින් යළි මුදල් ගෙවා ටිකට් ගෙන ලංකාවට පැමිණි වග ද දැනගන්නට ඇත.