ගුවන් හමුදාවට චෙක් උකුස්සෝ


ශ්‍රී ලංකා රජයේ සහ චෙක් රජයේ මිත්‍රත්වය වර්ධනය කර ගැනීම සදහා දෙරට අතර  සිදුවූ සතුන් හුව මාරුවේදී  ශ්‍රී ලංකා ගුවන් හමුදාව  දැක්වු දායකත්වය අගය කිරීම වෙනුවෙන් චෙක්  රජයේ  විදේශ කටයුතු අමාත්‍ය ජේන්  කොටි මහතා චෙක් රජයට ආවේනික වු පළිගු විශේෂයකින් (බොහේමියන්) වලින් නිර්මාණය කරන ලද උකුස්සන් දෙදෙනෙකු ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම  මහතාට  පරිත්‍යාග කළේය.

ශ්‍රි ලංකා රජය විසින් පසුගියදා චෙක් රජ්‍යයට අලි පැටවුන් දෙදෙනෙකු පරිත්‍යාග කිරීමෙන් අනතුරුව චෙක් රාජ්‍ය විසින්  කොමඩෝ ඩ්‍රැගන් නැමති උරග විශේෂයට අයත් සතුන් 02 ද ප්‍රෙසෝවොස්කි අශ්වයින් 02 හා හිපපොටේස් 02 කු මෙරටට  පරිත්‍යාග කළේය.

ගුවන් හමුදා මුලස්ථානයේදී  චෙක් රජයේ අමුත්තන් වෙනුවෙන් සුහද හමුවක් පැවැත්වු අතර  එම අවස්ථාවට චෙක් රජයේ  සංස්කෘතික කටයුතු අමාත්‍ය  ජිරි බාල්වින්, පාරිසරික අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමති තෝමස් ටෙසර්, චෙක් රාජ්‍යයේ තානාපති  මිරෝස්ලේ ස්ටීක්, චෙක් ජනරජයේ නිලධාරින් හා ඉහල තලයේ ව්‍යාපාරිකයින් කණ්ඩායමකින් සමන්විත දුත පිරිසක්ද  එක්වුහ.

 මෙහිදී චෙක් රජයේ දූත පිරිස,   ගුවන්හමුදාපතිවරයා  සමග  සුහද කතා බහක නිරත වු අතර එහිදී ගුවන් හමුදාපතිවරයා  හා චෙක් රාජ්‍ය නියෝජිත පිරිස අතර සමරු ඵලක හුවමාරුවක් සිදුවිය.