ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ‍්‍රී ලංකා යතුරු පැදි ධාවකයිනගේ සංගමය සමග එක්ව ප‍්‍රථම වරට පවත්වන ”වව්නියා සර්කිට් මීට් - 2014” මෝටර් රථ තරඟාවළිය මේ වන විට වව්නියාවේ ගුවන් හමුදා කඳවුරු ධාවන පථයේ පැවැත්වේ.
මෙහිදී යතුරුපැදි, මෝටර් රථ, පාපැදි, කාන්තා ස්කූටර් සහ ත‍්‍රී රෝද රථ තරඟ පැවැත්වේ.
මොටර් රථ සහ යතුරු පැදි ධාවන තරඟය සඳහා වව්නියාව ගුවන් ධාවන පථයේ පැවැත්වෙන අතර ඒ සඳහා දිවයිනේ ප‍්‍රමුඛ පෙලේ මෝටර් රථ හා යතුරු පැදිධාවකයින් සහභාගී වෙති.
පා පැදි, කාන්තා ස්කූටර් හා ත‍්‍රී රෝද රථ තරඟ සඳහා වව්නියාව, මුලතිව් කිලිනොච්චි ප‍්‍රදේශයන්හි තරුණ තරුණියන් සහභාගී වෙති.
වව්නියා දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථම වතාවට මෙවැනි තරඟාවලියක් පැවැත්වෙන අතර තෛපොන්ගල් උත්සවයට සමගාමීව මෙම තරඟාවළිය සංවිධානය කර ඇත.
”වව්නියා සර්කිට් මීට් - 2014” මෝටර් රථ තරඟාවලිය උතුරු පලාත් ජනතාවට අලූත් අත්දැකීමක් සහ ඔවුනගේ අන්නෝන්‍ය සහයෝගීතාවය වර්ධනය සඳහා මහත රුකුලක් වනු ඇති බව ගුවන් හමුදාව කියයි.
ගුවන් හමුදා මෝටර් රථ ධාවකයින්ගේ සංගමයේ සභාපති ගුවන් කොමදෝරු ජේ.එස්.අයි විජේමාන්න, වව්නියා මූලික කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඕ.කේ වනිගසූරිය, ගුවන්හමුදා වව්නියා කඳවුරේ නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිති.