(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ගුවන් සේවය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් )හමුවට කැඳවීමට තීරණය කළ බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
මේ අනුව ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රධානීන් ලබන මස 6 වැනිදාත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධානීන් ලබන මස 7 වැනිදාත් කෝප් කමිටුව හමුවට මෙසේ කැදවෙනු ඇත.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන ප්‍රධානීන් කැඳවන අවස්ථාවේදී ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම යන ආයතනවල ආයතන වල වර්තමාන තත්වය ද විමර්ශනය කිරීමට අපේක්ෂිතය.

