ගුවන් යානයේ ටී.වී. යන්ත්‍රය කැඩුවාට නඩු
බීමතින් අශෝභන ලෙස හැසිරෙමින් කොළඹ - ඩුබායි ගුවන් යානයේ ටී.වී.යන්ත්‍රය කඩා දැමී යැයි රිමාන්ඩ් ගතව සිටි කෙසෛල්වත්තේ පදිංචි කරුවකු වන මෙහොමඩ් ඉර්ෂාන් නමැත්තා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. පැමිණිල්ල ගොනු කිරිම සඳහා පරීක්ෂණවල වර්තා නීතිපතිවරයාට යොමු කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

