ගුවන් යානයක් ගිනි ගනී


ආසියානා ගුවන් සමාගමට අයත් බොයිං 777 යානයක ඇතිවූ ගින්නකින් මගීන් දෙදෙනකු මියගොස් 61 දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දකුණු කොරියාවේ සෝල් නගරයෙන් ගුවන්ගත වූ මේ යානයේ මගීන් 291 ක් සිට ඇත. ගුවනේදී එක් එන්ජිමක ඇතිවූ දෝෂයකින් ගිනිගත් යානය ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ ගුවන්තොටුපළට  ගොඩබැස්සවීමත් සමගම මගීන් පිරිසක් හදිසි පිටවීමේ දොරටු වලින් පිටතට පනිමින් දිවගෝස දිවි බේරාගෙන ඇත මගින් 81 දෙනෙක් රෝහල්ගත කරනු ලැබ සිටිති.