ගුවන් භටයා රිමාන්ඩ්
දියණියගේ ජීවිතයට තර්ජනය කරමින් කොළඹ නවලෝක රෝහලේ හෙදියකගෙන් රුපියල් දෙලක්ෂයක් කප්පම් ඉල්ලා ජංගම දුරකථනයෙන් එස් එම් එස් යැවූ බව කියන ගුවන් හමුදා සෙබල යොහාන් විශ්වජිත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාගේ නියොගයෙන් ලබන මස 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරණු ලැබිය.
දෙයියන්දර පදිංචි ගුවන් භටයා ගල් කිස්සේදී අත්අඩංගුවට ගත් බව කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය උසාවියට දැන්විය.

