ගුවන් පුත්තු දස්කම් දක්වති


ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික  අන්තර් ඒකක අවි හා පා සරඹ තරගාවලිය   ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම ගේ ප‍්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණ. බලගණ නායක  ඩි. එච්. කේ. එස් සෙනෙවිරත්න අණදුන් කටුනායක ගුවන් හමුදා කදවුරු කණ්ඩායම ශුරතාවය දිනාගත්තේය  ,  ගුවන් පියාසර නිලධාරී එච්. ඒ. පී . කේ ප‍්‍රනාන්දු අණදුන් අනුරාධපුර ගුවන් හමුදා කණ්ඩායම අනුශුරතාවය දිනා ගත්තේය. එහි තුන්වන ස්ථානයට දියතලාව ගුවන් හමුදා කදවුරු කණ්ඩායම හිමි විය. මීට සමගාමිව තූර්යවාදක කණ්ඩායමි තරගද පැවැත්වුණු අතර කටුනායක ග‍්‍රීන් වින්ග් හා රෙඩි වින්ග් කණ්ඩායමි පිළිවෙලින් අවසන් වටය හා සුදුසුකම් ලැබු අතර එහදි ග‍්‍රින් වින්ග් තුර්යවාදක කණ්ඩායම අභිබවා ශුරතාවය දිනාගැනීමට කටුනායක රෙඩි වින්ග් තුර්යවාදක කණ්ඩායම සමත්කම් දක්වන ලදි. මෙම සුවිශේෂි තරගාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවුයේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතාය. පින්තූර 1784 -  ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 2012 අන්තර් ඒකක අවි හා පා සරඹ තරගාවලියේ ශූරතාවය දිනාගත් කටුනායක ගුවන් හමුදා කණ්ඩායමට අනදුන්  ස්ක්‍රොඞ්රන් ලීඩර් ඩි. එච්. කේ. එස් සෙනෙවිරත්න  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා අතින් ශූරතා කුසලානය ලබා ගත් අවස්ථාව. 1770 – එම අනු ශූරතාවය දිනාගත් අනුරාධපුර ගුවන් හමුදා කණ්ඩායමට අනදුන් පයිලට් ඔෆිසර් එච්. ඒ. පී . කේ ප‍්‍රනාන්දු  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා අතින් අනු ශූරතා කුසලානය ලබා ගත් අවස්ථාව.