ගුවන් නියමුවාට ඇප


සිය බිරියගේ කෙස් කළඹ කපා අත් පා බැඳ කාමරයක සිර කර පහරදුන්නැයි කියන ශ්‍රී ලංකන් ගුවන් නියමු කෙරින් රෙහාන් ඩිමොට් රුපියල් අට දහසක මුදල් හා රුපියල් පනස් දහසක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහර මහේස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා නියෝග කෙළේය. බිරිය වන සෙහානා මරියස් ට යළි පහර දුනහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් කරන බවට විනිසුරු ඔහුට අවවාද කෙළේය.ෂෙහානාගේ නීතිඥවරයා කීවේ ඔහුගෙන් දික්කසාද වීමට බලාපොරොත්තු වන බවයි සැකකරුගේ නීතිඥවරයා කීවේ ඇය රාත්‍රී සමාජ ශාලාවලට යෑම නිසා මේ තත්ත්වය හට ගත් බවයි.