(ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ පිරිමි වැසිකිළියක් තුළ තිබී මිලි මීටර් නවය ප්‍රමාණයේ රිවෝල්වරයක උණ්ඩයක් කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
කටුනායක ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ රාජකාරියේ නිරතව සිටින අයකු ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ මේ උණ්ඩය වැටී තිබෙන අයුරු දැක ඒ පිළිබඳව ගුවන් තොටුපළ ආරක්ෂක අංශයේ නිලධාරීන් දැනුවත් කර තිබේ.
එම ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය දැනුවත් කිරීමෙන් පසු එම නිලධාරීන් එම ස්ථානය වෙත ගොස් එම ජීව උණ්ඩය අත් අඩංගුවට ගෙන තිබේ.

