ගුවන් ඇකඩමියේ පට දරුවෝ


ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමියේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (1) පැවැත්විණි.

ගුවන් සේවා ඇකඩමියේ අධ්‍යයන කටයුතු සාර්ථක අයුරින් නිම කළ සිසුහු 150 දෙනකු පමණ සිය උපාධි සහතිකය ලදහ. ප්‍රධාන අමුත්තා වූයේ ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස්, ප්‍රධාන විධායක නිලධාරී රඛිත ජයවර්ධන මහත්වරුද එහි වූහ.

RDS_1128 RDS_1133 RDS_1135 RDS_1137 RDS_1151 RDS_1155

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා