ගුරුවරිය රිමාන්ඩ්


එන්ගලන්තයේ එළිසබෙත් රෝහලේ රැකියාවක් දෙන බව පවසා කොළඹ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් පන්ලක්ෂ විසිපන්දාහක් වංචා කළැයි  කොළඹ පාසලක ගුරුවරියක වන පුෂ්පා ප්‍රියන්ති ඩේසි  ඔක්තෝබර් 09 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

ඇප පිට සිටි ඇය අධිකරණයට නොපැමිනීම නිසා වරෙන්තු නිකුත් කැර තිබිණි.

ඇයට ඇප තබා ඇත්තේ ඇගේ පාසලේ සිසුවෙකි.රුපියල් 50000 ක් වන එම ඇපයද රාජසන්තක කැරිණි.