ගුරුගෙදර ලොක්කෙකුටත් ගහලා
කොල්ලුපිටිය අධ්‍යාපන සමූපාකාර ණය දෙන සමිතියේ සේවා ප්‍රවර්ධන නිලධාරියකුට ආයතනය තුළදීම එහි තවත් සේවකයකු විසින් කරන ලද පහරදීමක් ගැන පරීක්ෂණ ආරඹා ඇතැයි කොල්ලුපිටිය පොලීසිය කියයි.
අභ්‍යන්තර ආරවුලක් මත මේ පහර දීම සිදුවන්නට ඇතැයි ද, පහරකෑ සේවකයා පානදුර රෝහලට ඇතුලක් කරනු ලැබූ බව ද ගුරුගෙදර උසස් නිලධාරියෙක් පැවසීය.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා චෝදනා කරන්නේ ගුරුගෙදර දේශපාලනීකරණය වීම මෙවැනි ගැටුම් පැණනැගීමට හේතුවී ඇති බවයි.

