ගුරු සිත් හොඳටම රිදවා
මොස්කව් නුවර ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නා දැරියක (12) තම පන්ති භාර ගුරුවරයාට පහර දී පාසලෙන් පලායන පුවතක් එරට මාධ්‍ය වාර්තා කරයි. සුළු වරදකට අන් සිසුන් ඉදිරියේ තමා මහතා සේ අපහසුතාවයට පත් කළ බවත් ඉවසා ගත නොහැකි වූ තැන ගුරුවරයාගේ දෙපාවලට පහර දී පාසලෙන් පැනගිය බව ඇය පවසයි. ඇගේ පන්තියේම සිසුවෙක් සිය ජංගම දුරකථනයෙන් එය වීඩියෝ කෙළේය.

