ගුරු සංගමේත් අවස්ථාවක් ඉල්ලයි


වැලිවේරිය සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිදුකරන පරීක්ෂණයේදී මිය ගිය පාසල් සිසුන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස ලංකා ගුරු සංගමය මානව හිමිකම් කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.

එම සිද්ධියෙන් පාසල් දරුවන් දෙදෙනකු වෙඩි වැදී මිය ගිය බවත්, තවත් පාසල් දරුවන් කිහිප දෙනකු තුවාල ලැබූ බවත් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසත්   එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඉල්ලයි.

එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට තමනටද අවස්ථාව සලසා දෙන ලෙස ලංකා ගුරු සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

රතුපස්වල ජල ගැටළුවට ස්ථිර විසඳුම් ඉල්ලා වැලිවේරියේ පැවැති උද්ඝෝෂණයේදී ඇතිවූ ගැටුමෙන් යක්කල චන්ද්‍රජෝති විද්‍යාලයයේ අකිල දිනේෂ් (17)   සහ උඩුගම්පොළ ශාන්ත පීතර විද්‍යාලයයේ ශමිල රවිශාන් පෙරේරා (18) යන සිසුහු මිය ගියහ.