
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳුමක් ලෙස කරුණු 10 කින් යුත් යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට අද (18) පස්වරුවේ ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානයේ නියෝජිතයෝ අද පස්වරුවේ ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව නිරාකරණය කිරීම සඳහා පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හමුවූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා ලෙස පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.
අමාත්‍ය අනුකමිටුවේ සාමාජිකයන් වන ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු මේ අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූපය:
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව නිරාකරණය කිරීම සඳහා පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය සාකච්ඡාවේදී.

