ගුරු ලේකම්ගේ ලේඛණ රහස් පොලීසියට
යක්කල විභාග මධ්‍යස්ථානයක සිදුවූවායැයි කියන ශිෂ්‍යත්ව අක්‍රමිකතාව සම්බන්ධයෙන් අවශ්‍ය අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රහස් පොලීසියට අවසර දුන්නාය.
අද නඩුව කැඳවූ අවස්ථාවේ මහින්ද ජයසිංහ මහතා වෙනුවෙන් පෙනීසිටි නීතීඥ ලාල් කුමාරපේලි මහතා ගුරුසංගම් ලේකම්ට තොරතුරු දුන් 78 දෙනෙකුගේ විස්තර අධිකරණයට ඉදිරිපත් කළේය.
අධිකරණයට ඉදිරිපත්කළ ලේඛණ පිටපත් සත්‍ය පිටපත් බවට කිසිවකු හෝ සහතික කර නැතැයි මහේස්ත්‍රාත්වරිය දැන්වූවාය.
මෙම ලේඛන සත්‍යදැයි නොදන්නා බව රහස් පොලීසිය කරුණු දැක්වූ විට මහේස්ත්‍රාත්වරිය උසාවි ලේඛකාධිකාරීට නියෝග කළේ ඒවායේ සත්‍ය අසත්‍යතාවය සොයා වාර්තා කිරීම සඳහා රහස් පොලීසියට බාර දෙන ලෙසයි.
වැඩිදුර විභාගය ඔක්තෝබර් 09 දිනට කල් තැබිණි.

