ගී‍්‍රක නැවෙන් තෙල් පාර මීගමුව දෙසට


පානදුරයට ඔබ්බෙන් මුහුදේදී ගිලී ගිය නැවේ තෙල් ගාලූ මුවදොරට නාවික සැතපුම් 10ක් ඈත පෙදෙසකට විහිදෙන බව වෙරළාරක්‍ෂක නිලධරයෝ කියති. එම තෙල් පහර මීගමුව දෙසට පැතිරී යතියි වාර්තාවේ. ග‍්‍රීසියට අයත් මෙම වානිජ නැව අධිකරණ නියෝගයක් මත තහනම් කැරිණි. නැව ගිලෙන අවස්ථාවේ තෙල් ටොන් 20 ක් පමණ තිබෙන්නට ඇතැයි එක් ආරංචි මාර්ගයක් කියයි. තෙල් ටොන් 75 ක් තිබෙන්නට ඇතැයි තවත් ආරංචි මාර්ගයකින් කියැවෙයි. උසාවි ප‍්‍රශ්නය අවසන් වන තුරු ‘තර්මෝ පයිලේ සියාරා’ නම් මේ නැව පානදුරයට ඔබ්බෙන් නංගුරම්ලා තිබිණි.