ගීතාගේ අභියාචනයට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්


මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ 
 
ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී  ගීතා කුමාරසිංහ මහත්මියට ද්විත්ව පුරවැසිභාවය නිසා පාර්ලිම්න්තු මන්ත්‍රී ධූරය දැරීම නුසුදුසු බව තීරණය කරමින් අභියාචනාධිකරණය  ලබාදුන් තීන්දුවට එරෙහිව  ගොනු කළ අභියාචනය විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
 
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා විසින් එම විනිසුරු මඬලුල්ලට නම් කරන ලද්දේ     සිසිර ද ආබෲ, අනිල් ගුණරත්න, බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්න ජයවර්ධන සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ය.