ගිලන් වූ ගිලන් රථ සුව කරන්න වැඩ පිළිවෙලක්


(ඩයනා උදයංගනී)

විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත් කොට තිබෙන ගිලන්රථ කඩිනමින් අලුත්වැඩියා කර සෞඛ්‍ය අමාතාශ්‍යාංශයට ලබාදීමේ වැඩපිළිවෙලක් ප්‍රවාහන අමාත්‍යාංශය ආරම්භ කර ඇත.

එහි ප්‍රථම පියවර ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ධාවනයෙන් ඉවත් කල ගිලන් රථ 10ක් අළුත්වැඩියා කිරීමට සැලසුම් කර ඇත.

දැනට දිවයින පුරා පවතින කොවිඩ් වසංගත හේතුවෙන් රෝගීන් සහ මෘතදේහ ප්‍රවාහනය කිරීම සදහා ගිලන්රථවල අවශ්‍යතාව ඉතාමත් ඉහළ ගොස් ඇති බැවින් මෙම පියවර ගත් බව ප්‍රවාහන ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලක්දිව ඉංජිනියරින් (පුද්ගලික) සමාගම මගින් මෙම අබලන් වු ගිලන්රථ අළුත්වැඩියා කටයුතු සිදු කෙරේ.