ගිරිතලේ ගොවීහු වතුර ඉල්ලති


ජල හිඟයෙන් කුඹුරු අක්කර 12000ක් මැරී යතියි කියමින් ගිරිතලේ ගොවි ජනපදයේ දෙදහසක් පමණ ගොවි ගෙවිලියෝ ගිරිතලේ මහවැලි කාර්යාලයය ඉදිරිපිට උද්ඝෝෂණය කළහ. කොළඹ-මඩකලපුව මහා පාරේ වාඩිවී පැයක් පමණ සිය දුක් ගැනවිලි කීහ.