ගිරිතලේ ගොවියෝ බලෙන් අමුණ අරිති


ගිරිතලේ ගොවි ජනපදයේ පීදෙන හා කිරිවදින ගොයම් අක්කර 12000ක් පමණ බේරාගැනීමේ අන්තිම උත්සාහය වශයෙන් ගොවීහු 150 දෙනෙක් පමණ යෝද ඇලේ දිය බෙදුම අමුනේ ජල දොරටු බලහත්කාරයෙන් විවෘත කළහ. වාරි මාර්ග නිලධරයන් පැමිණ නොසිටි නමුත් පැමිණ සිටි පොලිසිය ගොවියනට බාධා කලේය. අඹන් ගෙඟන් ඇළහැර ඔස්සේ මින්නේරිය වැවටත් ගිරිතලේ වැවටත් වාරි ජලය බෙදාහැරෙයි. මින්නේරියට ජලය හරවා ඇති නමුත් ගිරිතලේට ජලය හරවා නොතිබීම නිසා ගොවීහු බලහත්කාරයෙන් ජලදොරටු විවෘත කළහ.