මත්තේගොඩ කුඩා මාදුව දික්හේන වත්තේ තනාගෙන යන තෙමහල් ගොඩනැගිල්ලක තිබී විදේශ අමාත්‍යංශයට අයත් බව කියන මෝටර් රථයක් සොයා ගත් බව පොලිසිය කියයි.
එම ගෙදර පදිංචිකරු බව කියන ලයිමන් එදිරිවීර විදේශ අමාත්‍යංශයේ දේශපාලනඥයකුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයකු බවත්, ඔහු දැනට රිමාන්ඩ් බාරයේ සිටින බවත් පොලිසිය පවසයි.
එම වාහනයේ නොම්මරයට සමාන අංකයක් කොළඹ ග්‍රෙගරි පාරේ වෙනත් පුද්ගලයකු සතු බව මෝටර් රථ කොමසාරිස් කාර්යාලයය පොලිසියට දන්වා ඇත.





