ගිනිගත් රියේ ලක්ෂ 60ක් තිබිලා


වැලිපැන්නේදී ගිනි තැබූ කාරය වැල්ලවත්තේ ව්‍යාපාරිකයකුගේ බවත්, කාරයේම පැමිණි දෙදෙනෙකු ජංගම දුරකතන චාජරයකින් ව්‍යාපාරිකයාගේ බෙල්ල සිරකර ඔහු එළියට ඇද දමා ඇති බවත්, එම රියේ ආසනයට කරුපියල් හැට ලක්ෂයක් තිබූ බවත් ව්‍යාපාරිකයා පොලීසියට කියා ඇත. නාඳුනන පුද්ගලයන් දෙදෙනා අධිවේගී මාර්ගය ඔස්සේ ඔහු බලෙන් වැලිපැන්නට රැගෙන ආවේදැයි පොලීසිය සොයා බලයි. කාරයේ තිබූ මුදල්වලට වූ දෙයක් දඔහු නොදනී ව්‍යාපාරිකයා නාගොඩ රෝහලට ඇතුලත් කරනු ලැබ සිටී.